Monday, April 29, 2024

General line - 0115112241

සාම සාකච්ඡා ගැන නව බලාපොරොත්තු තබමින් රුසියානු යුක්‍රේන නියෝජිතයින් තුර්කියට




සාම සාකච්ඡාවල නව වටයක් ආරම්භ කිරීම සදහා රුසියානු හා යුක්‍රේන නියෝජිතයන් තුර්කියට පැමිණ තිබෙනවා. තුර්කියේ ස්තාන්බූල් නුවරදී අද එම සාකච්ඡා ආරම්භ වීමට නියමිතයි. එම සාම සාකච්ඡා පැවැත්වෙන්නේ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගොන් ගේ මූලිකත්වයෙන්. 

රුසියානු යුක්රේන නියෝජිතයන් සාම සාකච්ඡා සදහා තුර්කියේදී මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව ද මෙය වනවා. යුක්‍රේන නියෝජිත කණ්ඩායමට එරට ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියා ද ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ අතර යුක්රේනය පවසන්නේ සාම ක්‍රියාවලියකට එළඹීම සිය මූලික අපේක්ෂාව බවයි. එහෙත් යුද ගැටුම් නැවැත්වීමට නම් නේටෝ සංවිධානය සමග එක්වීමට දරණ උත්සහය අත්හැරීමට යුක්‍රේනය කටයුතු කල යුතු බව රුසියාව අවධාරණය කරනවා.

මේ අතර රුසියාවට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන ලෙසයි යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ලෝක ප්‍රජාවගෙන් යලිත් ඉල්ලා සිටින්නේ. එහිදී රුසියාවෙන් සිදු කරන බොරතෙල් ආනයනය අත්හිටුවන ලෙස ද යුක්රේනය ලෝක බලවතුන්ගෙන් ඉල්ලීමක් කළා.