Monday, April 29, 2024

General line - 0115112241

පොරොන්දු දුන්නත් රුසියානු ප්‍රහාර නතර වී නොමැති බව යුක්රේනය කියයි




පොරොන්දු ලබාදුන් පමණින් රුසියාවේ ප්‍රකාශ විශ්වස කළ නොහැකි බව යුක්රේනය පවසනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි මේ බව පැවසුවේ රුසියානු යුක්රේන සාම සාකච්ඡා තුර්කියේදී නව මුහුණුවරකින් පැවැත්වෙමින් ඇති පසුබිමක් තුළයි.

රුසියාව කොතෙකුත් ප්‍රකාශ නිකුත් කළ ද, යුක්රේනයට විශ්වාසනීය ආරක්ෂාවක් තිබිය යුතු බවයි යුක්රේන ජනාධිපතිවරයා පැවසුවේ. එමගින් යුක්රේනයේ භූමිය මෙන්ම ජනතාව ද ආරක්ෂා විය යුතු බව ද යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි අවධාරණය කලා. 

කෙසේවෙතත් තුර්කියේදී ඊයේ ආරම්භ වූ සාම සාකච්ඡාවලදී රුසියාව පැවසුවේ යුක්රේනයේ කිව් අගනුවර සහ චර්නිහිව් නගරය ආසන්නයේ සිදුකරන හමුදාමය ක්‍රියාකාරකම් අත්හිටුවීමට සූදානම් බවයි. එම සාකච්ඡා වටය සඳහා යුක්රේන විදේශ කටයුතු අමාත්‍යවරයා සහ රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.