Sunday, May 19, 2024

General line - 0115112241

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම තැබූ ෆේස්බුක් සටහන




ජාතිය, ආගම, දේශපාලන පක්ෂය සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙසින් නැගී සිටින ලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම සියලු රටවැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්. 

මේ අප එක්ව එක හඬින් ”දැන් ඇති!” කියා කිය යුතු මොහොත බවයි ඔහු සිය ෆේස්බුක් සටහනේ දක්වා ඇත්තේ. අදූරදර්ශී පාලකයන් නිසා මේ මොහොතේ පවතින ආර්ථික අවපාත තත්ත්වය දැකීමෙන් තමන් දැඩිව කලකිරුණු හදින් මෙම සටහන තබන බවද ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම එම සටහනේ දක්වා තිබෙනවා. 

අවස්ථාව ලැබී තිබියදීත් තමන් මෙරටින් පිට නොවී සිටීමෙන් පාලකයන්ට වඩා තමන් රටට ආදරය කරන සහ දේශප්‍රේමී මිනිසෙකු යැයි ආඩම්බර වන බවයි ඔහු වැඩ දුරටත් සදහන් කර අත්තේ. තමන් රටේ මිනිසුන් සමග එක්ව නැගී සිටින බවත්, සුන්දර මවු රට අඳුරින් මුදවා ගෙන අනාගත පරපුරට සාමකාමී වටපිටාවක් ඇති කිරීමේ පොදු අරමුණින් වෙහෙසෙන බවත් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම තැබූ ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.