කැබිනට් අමාත්‍යවරුන් පමණක් නොව සමස්ථ ආණ්ඩුවම මේ මොහොතේ ඉල්ලා අස්විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඉන් අනතුරුව සර්ව පාක්ෂික අන්තර්කාලීන පාලනයක් පිහිටුවිය යුතු බවයි ආණ්ඩුවේ පක්ෂ 11 හි සාමාජිකයින් අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ.
සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු වැදගත්කම සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවට එක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙලෙස අදහස් පළ කළා.