Monday, April 29, 2024

General line - 0115112241

විශ්වාසභංගය ඉවත් දමන්න කතානායකට බෑ- අගවිනිසුරු




පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉදිරිපත් ව ඇති විශ්වාසභංග යෝජනාව ඉවත දැමීමට පාර්ලිමේන්තුවේ කතානායකවරයාට බලයක් නැතැයි එරට අගවිනිසුරැවරයා පෙන්වා දී තිබෙනවා.

පකිස්තාන අගවිනිසුරැ උමාර් අටා බන්ඩියල් මේ බව ප්‍රකාශ කළේ, අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරැන් ඡන්දය භාවිතා කිරීම වළක්වාලීමට අදාළව පවරා ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී ඇති අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් දක්වමින් ඒ සදහා වන ඡන්ද විමසීම ප්‍රතික්ෂේප කිරීමට නියෝජ්‍ය  කතානායකවරයා කටයුතු කළා.

අනතුරැව අගමැති ඉම්රාන් ඛාන්ගේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැරි අතර දින අනූවක කාලයක් තුළ අලුත් පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සදහා ඡන්ද විමසීමක් පැවැත්වීමටනියමිතයි. 

මේ හේතුවෙන් මේ වන විට පකිස්තානය තුළ ව්‍යවස්ථාමය සහ දේශපාලනමය අර්බුදයක් පැන නැගී ඇති අතර අගමැති ඉම්රාන් ඛාන්ගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.