Thursday, May 16, 2024

General line - 0115112241

පකිස්තානයේත් සිවිල් අරගල හටගත හැකි බවට අනතුරැ ඇගවීම්




පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් පකිස්තානයේත් සිවිල් අරගලයක් මතුවීමේ තත්වයක් උද්ගතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට රෑපවාහිනී නාලිකාවක විපක්ෂයේ දේශපාලඥයන් සහභාගි වූ වැඩසටහනක් උපුටා දක්වමිනුයි විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර ඇත්තේ.

අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට පාර්ලිමේන්තුවට විශ්වාසභංගයෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ ඔහු ක්‍රියා කළ ආකාරය හේතුවෙන් සිවිල් අරගලයක් හටගනු ඇති බව එරට දේශපාලන පක්ෂ නායකයන් එහිදී පෙන්වා දී  තිබෙනවා.

එහිදී අගමැතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ දේශපාලන සම්ප්‍රදායන්ට  පටහැනිව ළදරැවෙකු සේ ක්‍රියාකර ඇති බවත් ආර්ථික අර්බුදයකට මැදිව සිටින ර‍ට එමගින් තවදුරටත් අනතුරට හෙළා ඇති බවත් ඔවුන්ගේ අදහසයි.

එරට මාධ්‍ය වාර්තාවලට අනුව අගමැති ඉම්රාන්ගේ පක්ෂයට වඩා වැඩි බලයක් විපක්ෂයේ පක්ෂවන ජනතා පක්ෂයට සහ මුස්ලිම් ලීගයට පවතින බැවින් ඉදිරියේ දී දරැණු උද්ඝෝෂණ රැල්ලක් ඇතිවීමේ ඉඩකඩක් මතුව තිබෙනවා.