Thursday, May 9, 2024

General line - 0115112241

චීනයේ ෂැංහයි නගරයේ කෝවිඩ් තත්වය දරැණු අතට




චීනයේ ෂැංහයි නගරයේ කෝවිඩ් ව්‍යාප්තිය තවත් දරැණු වෙමින් ඇතැයි වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට නගරයෙන් දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 25,000 ක මට්ටමේ පවතින බවයි.

පසුගිය ඉරිදා, සදුදා සහ අගහරැවාදා යන දිනවල පිළිවෙළින් 26,087ක්, 23,342ක් සහ 26,330ක් වශයෙන් ෂැංහයි නගරයෙන් ආසාදිතයන් වාර්තා වී ඇති බව සදහන්.

මිලියන 25 කට අධික ජනසංඛ්‍යාවක් වෙසෙන ෂැංහයි නගරය,  මාසයකට ආසන්න කාලයක් දැඩි සීමා කිරීම්වලට යටත් කර තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවලදී  එම සීමා ලිහිල් කර ඇතත් අසාදිතයන් වාර්තාවීමේ අඩුවක් නොමැති බවයි පැවසෙන්නේ.

මේ අතර  ආහාර හිගය, දීර්ඝ කාලයක් දැඩි සීමා කිරීම්වලට යටත් කර තැබීම වැනි තත්වයන් හේතුවෙන් නගරයේ ජනතාව නොසන්සුන් වී ඇතැයි ද එරට වාර්තා සදහන් කරනවා.