Thursday, May 9, 2024

General line - 0115112241

රජයට ලැබූ තෑගි විකුණා ඇති බවට ඉම්රාන් ඛාන්ට ‍චෝදනා




අගමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ විදේශ සංචාරවලදී ලැබුණු තෑගි විකුණා ඇති බවට පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට  එරෙහිව චෝදනාවක් එල්ල වී තිබෙනවා.

නව අගමැති ෂබාස් ෂරීෆ් පවසන්නේ , පකිස්තානු රැපියල් මිලියන 140 ක් පමණ වටිනා තෑගි මෙළෙස විකුණා ඇති බවයි.

දියමන්ති ස්වර්ණාභරණ, අත් ඔරලෝසු ඇතුළු රජයට අයත් දේපල රැසක් ඔහු විසින් මෙළෙස ඩුබායි හි දී විකුණා ඇති බව ෂබාස් ෂෙරීෆ් තහවුරැ කර තිබෙනවා.

ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ දී මෙවැනි තෑගි පිළිබද අනාවරණය කරන  ලෙසට වන නඩු කටයුත්තක් ද ආරම්භ කෙරැණා.

කෙසේවෙතත්, එහිදී ඔහු සදහන් කළේ රාජ්‍ය රහස් අනාවරණය කිරීමට අදාළ නීතිය යටතේ එම තොරතුරැ හෙළිකළ නොහැකි බවයි.