Sunday, May 5, 2024

General line - 0115112241

2022 පළමු පාසල් වාරය හෙට සිට - අමතර පැයක් ඉගැන්වීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි




2022 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරය නියමිත පරිදි හෙට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. කෙසේවෙතත් අමතර පැයක කාලයක් පාසල් පැවැත්වීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවූ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ. 

රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන එම තීරණයට එළැඹ තිබෙනවා. කෙසේවෙතත් අමතර පැයක කාලයක් පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සතියක් දෙකක් කාලය ඇතුළත යළි සලකා බලන බවද අධ්‍යාපන අමාත්‍යවරයා නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියා. 

අමතර පැයක කාලයක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන බළධාරීන් තීරණය කර තිබුණේ ඉකුත් කාලසීමාවේදී කොරෝනා ව්‍යාප්තිය හමුවේ දීර්ඝ කාලයක් පාසල් වසා තැබීමට සිදුවීම සැළකිල්ලට ගෙනයි. අතපසු වූ විෂයන් මුල් මාස තුන තුළ ආවරණය කිරීම ඉලක්ක කර ගනිමින් එය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.