Sunday, May 5, 2024

General line - 0115112241

රටේ වත්මන් අර්බුදයට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් යෝජනාවලියක්




වර්තමානයේ පවතින දේශපාලන, ආර්ථික, සමාජීය අර්බුද හේතුවෙන් රට මුහුණ පා තිබෙන දැඩි අස්ථාවරත්වයෙන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් නව යෝජනාවලියක් සකස් කර තිබෙනවා.

පවතින තත්ත්වයෙන් රට මුදවා ගැනීම සඳහා කඩිනම්, විධිමත් සහ ශක්තිමත් උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ අනුව, විවිධ විෂය ක්ෂේත්‍රවල පළපුරුද්ද සහ ප්‍රවීණත්වය ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ දායකත්වයෙන් මේ සම්බන්ධයෙන් හදිසි යෝජනා මාලාවක් සකස් කර ඇත. 

මෙම යෝජනා මාලාව මුදල් අමාත්‍ය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ජනාධිපති සහ අගමැති ලේකම්වරුන්ට ද භාර දීමට සැලසුම් කර ඇත.

තවද, ආගමික නායකයින්, සිවිල් සංවිධාන, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හරහා මෙම යෝජනා සාමාන්‍ය ජනතාව අතර ප්‍රචාරය කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එම සංගමය විසින් තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් වන සමාරම්භක වැඩසටහන හෙට දින පෙ.ව. 1200 ට කොළඹ 07, ‘මහවැලි කේන්ද්‍රය’ හිදී පැවැත්වීමට  ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කටයුතු යොදා තිබේ.