Sunday, May 5, 2024

General line - 0115112241

පොලීසිය ගැලවූ ගාලු විරෝධයේ අට්ටාලය නීතිඥ සහයෙන් යළි සවි කෙරේ




ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාව අද නවවන දිනටත් ක්‍රියාත්මක වනවා. ඊට එක්ව සිටි විරෝධතාකරුවන් අද උදෑසන හිස තෙල් ගෑමේ චාරිත්‍රයද එම ස්ථානයේදීම ඉටු කිරීම විශේෂත්වයක්. 

එහි සිටි පිරිසට හිස තෙල් ගැල්වීම සිදුකෙරුණේ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අතර ඊයේ රාත්‍රියේ එම විරෝධතාව පැවැත්වෙන ස්ථානයේ දහඅට සන්නිය ඇතුළු ශාන්ති කර්ම පැවැත්වීමද විශේෂත්වයක්. විරෝධතා භූමියේ සිටින පිරිසගේ ආරක්ෂාව පතා එය සංවිධාන කර තිබුණා. 

මේ අතර ගාලු මුවදොර ජනතා අරගලයට සහය පල කරමින් ගාල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට පෙරේදා සිට තවත් විරෝධතාවක් ආරම්භ කෙරුණා. එම විරෝධතාකරුවන් ඉදිකර තිබූ අට්ටාලය අද උදෑසන පොලීසිය විසින් ගලවා ඉවත් කර තිබුණා. ඒ එම විරෝධතාවට එක්ව සිටි පිරිසගේ දැඩි විරෝධතාව මධ්‍යයේයි. පොලීසියේ ක්‍රියා කලාපයට එරෙහිව අද උදෑසන එම ස්ථානයේ විරෝධතාවක්ද පැවැත්වුණා.  

පසුව ගාල්ල නීතිඥ සංගමය මැදිහත් වී පොලීසිය රැගෙන ගිය එම අට්ටාලය විරෝධතාකරුවන්ට නැවත ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාල්ල නීතිඥ සංගමයේ නීතිඥ අජිත් කුමාර.