Monday, May 6, 2024

General line - 0115112241

කන්ටේනර් රථවලටද ආරක්‍ෂාව සලසන්නැයි ඉල්ලීමක්




ආනයන, අපනයන බහාලුම් ප්‍රවාහනය කෙරෙන රථවලට ද ආරක්ෂාව ලබාදෙන ලෙස සමස්ථ ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා. රට තුළ පවතින තත්ත්වය අනුව බහාලුම් ප්‍රවාහන රථවලට හානි සිදුවුවහොත් එමගින් ගැටළු රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවයි එම සංගමයේ සභාපති සනත් මංජුල පැවසුවේ. 

අපනයන කෙරෙන බහාලුම් ප්‍රවාහනයේදී සිදුවන ප්‍රමාදවීම් හේතුවෙන් ප්‍රමාද ගාස්තුද ගෙවීමට සිදුවන බවයි  සමස්ථ ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල වැඩිදුරටත් සදහන් කළේ.