Monday, May 6, 2024

General line - 0115112241

රජයට අයත් මෙරට සියලු වෙබ් අඩවිවල ආරක්ෂාව තහවුරු කරයි




රජයට අයත් මෙරට සියලු වෙබ් අඩවිවල ආරක්ෂාව මේවනවිට තහවුරු කර ඇතැයි තාක්ෂණ අමාත්‍යංශය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එම අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා කියා සිටියේ රටක ආරක්ෂාව තහවුරු කරන අයුරින් වෙබ් අඩවිවල ආරක්ෂාව ද තහවුරු කර ඇති බවයි. 

හැකර්වරුන් පිරිසක් විසින් මෙරට රජයේ වෙබ් අඩවි කිහිපයකට ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට ඊයේ සමාජ මාධ්‍ය හරහා තොරතුරු සංසරණය වුණා. එහෙත් එවැනි කිසිඳු සිද්ධියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේ. 

සයිබර් ප්‍රහාර එල්ල වීම සාමාන්‍ය සිදුවීමක් බවත්, ඊට මුහුණදීම සඳහා දත්ත ආරක්ෂණ පද්ධතිවල යාවත්කාලීන කිරීම් නිසිපරිදි සිදුකරන බවත් ඔහු ප්‍රකාශ කළා.