Thursday, May 16, 2024

General line - 0115112241

ජනපති සමග රට ගොඩගත හැකි ක්‍රමය ගැන මන්ත්‍රී විමල් කතා කරයි




ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ධුරයෙන් ඉවත්වීම තුළින් රටේ වත්මන් අර්බුදවලට විසදුම් නොලැබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. සිදුකළ යුත්තේ සාමුහිකව තීරණ ගන්නා ක්‍රමවේදයකට ජනාධිපතිවරයා එකග කර ගෙන රට ගොඩනැගීම සදහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම බව කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ. 

ජනාධිපතිවරයාට ඉවත් වන ලෙසට විවිධ පාර්ශව සිදුකරන ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදීද සාකච්ඡා කෙරුණා. මේ, එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු මෙන්ම අමාත්‍ය මණ්ඩල ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ එස්. අමරසේකර.

ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායකද නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී අදහස් පළ කළා.