Thursday, May 16, 2024

General line - 0115112241

ස්වාධින මන්ත්‍රීවරුන් කණ්ඩායමේ නියෝජිතයින් පිරිසක් චීන තානාපතිව හමුවෙයි




පාර්ලිමේන්තුවේදී ඉකුත්දා ස්වාධීන වූ මන්ත්‍රීවරු අතරින් හත් දෙනෙකු මෙරට සිටින චීන තානාපති චී. සෙහොංග් හමුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය පිළිබඳ සාකච්ඡා වූ බවයි. 

එමෙන්ම ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව සහාය ලබාදෙන ලෙස ද මෙහිදි එම මන්ත්‍රීවරුන්, චීන තානාපතිවරයාගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, අනුර ප්‍රීයදර්ශන යාපා, වීරසුමන වීරසිංහ සහ ජගත් පුෂ්පකුමාර සහභාගි වී තිබුණා.