Saturday, April 20, 2024

General line - 0115112241

අගමැති රනිල් චීනයේ පළමු අගමැතිගේ නිවසට (PHOTOS)




නිරිත දිග චීනයේ පස්දින සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුලු දූත පිරිස අද (13) චොංජිං නුවර පෝර්ට් ග්ලෝබල් සාප්පු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිතර වුණා. ඒ, එම සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහායි.

අමෙරිකාව සහ චීනය පැසිස්ට්වාදයට එරෙහිව සටන් මෙහෙයවූ ස්ථානය ලෙස සැලකෙන ස්ටිල්වෙල් කෞතුකාගාරයටද අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස පැමිණියා.

චීනයේ පළමු අග‍්‍රාමාත්‍යවරයා වූ Zhou Enlai ගේ නිවස සහ කාර්යාල පරිශ‍්‍රයට අග‍්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස පැමිණියේ ඉන් අනතුරුවයි.

ජාතික මට්ටමමේ සංස්කෘතික මංදිරයක් ලෙස පවත්වා ගෙන යන මහල් තුනකින් සමන්විත එම නිවසේ විශේෂ ඡායාරූප සහ කෞතුක භාණ්ඩ මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිසේ නිරීක්ෂණයට ලක්වූ බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුලු දූත පිරිස චොංජිං (Chongqing) නුවර පෝට් ග්ලෝබල් සාප්පු සංකීරණයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාව පහතින් දැක්වේ.

www.nethnews.lk00001Port Global www.nethnews.lk00002Port Global www.nethnews.lk00003Port Global www.nethnews.lk00004Port Global

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ශ්‍රී ලංකා දූත පිරිස ස්ටිල්වෙල් කෞතුකාගාරය නිරීක්ෂණය කළ අවස්ථාව පහතින් දැක්වේ.

www.nethnews.lk00001Stilwell www.nethnews.lk00002Stilwell www.nethnews.lk00003Stilwell www.nethnews.lk00004Stilwell www.nethnews.lk00005Stilwell www.nethnews.lk00006Stilwell

චීනයේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ Zhou Enlai මහතාගේ නිවස සහ කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාව

www.nethnews.lk00001Former Residence of Zhou Enla www.nethnews.lk00002Former Residence of Zhou Enla www.nethnews.lk00003Former Residence of Zhou Enla