Friday, May 10, 2024

General line - 0115112241

ඩලස්ගේ යෝජනාවලිය පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුත් අනුමත කරයි




පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්රුම ඉකුත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යෝජනාව තමන්ද අනුමත කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා. සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් එම යෝජනාව ඩලස් අලහප්පරුම මන්ත්‍රීවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ඉකුත් 21 වනදා ඉදිරිපත් කර තිබුණේ අග්‍රමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වෙත එහි පිටපත් ද යොමු කරමින්. 

කෝප් කමිටුවේ සභාපතිවරයා ද වන මහාචාර්ය චරිත හේරත් ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කරන්නේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහාම ඉවත් විය යුතු බවයි. වත්මන් අර්බුදය විසදීම සදහා ගතයුතු පියවර ඇතුළත් යෝජනා හයක්ද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබෙනවා. 

එහි දැක්වෙන්නේ මාස6 ත් 8 ත් අතර කාලයක් සදහා ජාතික ආණ්ඩුවක් පිහිටු විය යුතු බවත් මාස 8 කට පසු මැතිවරණයකට යායුතු බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින සාකච්ඡා වේගවත් කළ යුතු බවද මන්ත්‍රීවරයා යෝජනාර තිබෙනවා. 

21 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව විවිධ පාර්ශව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබදවද සලකා බලමින් මාස 3ක් ඇතුළත එය සම්මත කර ගැනීමට සැලසුම් කළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් ඉදිරිපත් කර යෝජනාවලියට ඇතුළත්.