Sunday, May 5, 2024

General line - 0115112241

දින දෙකහමාරකට ප්‍රමාණවත් ගෑස් තොගයක් අද දිවයිනට




රට තුළ පවතින ඉන්ධන පෝලිම් අද දහවල් වන විට අවසන් වනු ඇතැයි ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාව විශ්වාසය පල කරනවා. ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කළමණාකාර චමින්ද සමරකෝන් පැවසුවේ මේ වන විට සංස්ථාව සතුව ප්‍රමාණවත් පෙට්‍රල් සහ ඩීසල් සංචිත ඇති බවයි. 

මේ අතර අද දිනයේදී ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,600 ක තොගයක් මෙරටට පැමිණීමට නියමිතයි. එම ගෑස් තොගය බෙදා හැරෙන්නේ හෙට දිනයේ සිටයි. කෙසේ වෙතත් එය ප්‍රමාණවත් වන්නේ දින දෙක හාමාරකට පමණයි. මීට අමතරව තවත් ගෑස් තොගයක් හෙට දිනයේ ද මෙරටට පැමිණීමට නියමිතයි. 

ඉකුත් 12 වනදා සිට ලිට්රෝ සමාගම ගෑස් බෙදා හැරීම තාවතාලිකව නතර කරනු ලැබුවා. ඔවුන් මීට පෙර පවසා තිබුණේ ඊයේ දිනයේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හරින බවයි.