Sunday, May 5, 2024

General line - 0115112241

සිමෙන්ති මිල රුපියල් 450කින් ඉහළට




සිමෙන්ති මිල ඉහළ දමා තිබෙනවා. ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. ඒ අනුව කිලෝ ග්‍රෑම් 50, සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 450කින් බවයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පැවසුවේ. 

ඒ අනුව සිමෙන්ති කොට්ටයක් දැන් අලෙවි කරන්නේ රුපියල් 2,800කටයි. කෙසේ වෙතත් ඇතැම් වාර්තා වල දැක්වුණේ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ දමා ඇති බවටයි. 

ඉකුත් මාර්තු මාසයේ දී ද සිමෙන්ති මිල ඉහළ ගිය අතර මේ දක්වා සිමෙන්ති කොට්ටයක් අලෙවි කෙරුණේ රුපියල් 2,350කටයි.  

මෙරට සිමෙන්ති මිළ මේ සතියේදී ඉහළ යනු ඇති බවට පළමු වරට නෙත් නිවුස් අනාවරණ කළේ ඉකුත් 22දායි. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පැවසුවේ සිමෙන්ති මිල ඉහළ යාමත් සමග යකඩ ඇතුළු සෙසු ඉදිකිරීම් උපකරණ මිලද ඉහළ යාමේ අවධානමක් පවතින බවයි.