Saturday, May 4, 2024

General line - 0115112241

මෙරට අර්බුද හේතුවෙන් දකුණු ඉන්දියාවට පලායන ලාංකිකයන්ගේ වර්ධනයක්

මාධව කුලසූරිය - වවුනියාව 




වවුනියාවේ පදිංචි පුද්ගලයින් පස්දෙනෙකු බෝට්ටු මඟින් දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් වෙත පැමිණ ඇති බව දකුණු ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එම පිරිසට පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු, මාස දෙකක් වයසැති බිළිදෙකු හා කුඩා ගැහැණු දරුවෙකු අයත්. 

ඔවුන් අධිකරණ නියෝග යටතේ සරණාගත කඳවුරු වෙත යොමු කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඉකුත් මාසක පමණ කාලය තුළ ශ්‍රී  ලාංකිකයින් 100 දෙනෙකු  පමණ පිරිසක් බෝට්ටු මඟින් දකුණු ඉන්දියාව වෙත පැමිණ ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. 

මෙරට පවතින ආර්ථික හා දේශපාලන අර්බුද හේතුවෙන් අදාළ පිරිස දකුණු ඉන්දියාව වෙත පැමිණ ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.