Monday, May 6, 2024

General line - 0115112241

ජවිපෙ නායකයාගේ විශේෂ හෙළිදරව්ව (VIDEO)




මෙරට ප්‍රබලතම දේශපාලනඥයින්ගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දක්වා සිදුකළ බරපතල වංචා දූෂණ සහිත ලිපිලේඛන විශාල ප්‍රමාණයක් රටට හෙළි කරන මාධ්‍ය හමුවක් අද කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණා. 

එය නම් කර තිබුණේ රට වනසපු හොරු වළල්ල - තොග පිටින් හෙළිදරව්ව ලෙසයි. 

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.