Sunday, May 5, 2024

General line - 0115112241

පුටින් ලෙඩින් - බලය පැවරීමටත් සූදානමක්




රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ජනාධිපති බලතල පැවරීමේ ක්‍රියාවලියකට සූදානම් වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඒ, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන්. 

පිළිකාවක් නිසා ශල්‍ය කර්මයකට භාජනය වීමට සූදානමින් සිටින රුසියානු ජනාධිපතිවරයා එලෙස සිය බලය පැවරීමට සූදානම් වන්නේ එරට ඉහළ පෙළේ ඔත්තු සේවා ප්‍රධානියෙකු වන නිකොලායි පතෘෂෙව් වෙතයි. නිකොලායි පතෘෂෙව් යනු රුසියානු ජනාධිපතිවරයාගේ විශ්වාසනීය සමීපතමයෙක්. 

රුසියානු ජනාධිපතිවරයා සිය සමීපතමයෙකුට හෝ එලෙස බලය පැවරීමක් සිදුකරන්නේ කෙටි කාලයකට පමණක් බවයි අමෙරිකානු මාධ්‍ය වාර්තා පැවසුවේ. කෙසේවෙතත් නිකොලායි පතෘෂෙව්, ව්ලැදිමීර් පුටින්ට වඩා දැඩි පාලකයෙකු වනු ඇති බවට ජාත්‍යන්තර විචාරකයින් මත පළ කරනවා. යුක්රේන ආක්‍රමණයේදී ද හමුදාමය සැලසුම් සඳහා ඔහු ඍජුව මැදිහත්වීම් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.