Monday, May 6, 2024

General line - 0115112241

නියෝජ්‍ය කතානායක ධුරයට ඡන්ද විමසීම අද




නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කිරීම අද දිනයේ සිදුවනවා. මීට පෙර ප්‍රකාශ කෙරුණේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ පළමු කාර්යය ලෙස නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත්කර ගනු ඇති බවයි. කෙසේවෙතත් ඊයේ පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණේ නියෝජ්‍ය කතානායක ධුරය සදහා ඡන්ද විමසීමක් අද දිනයේ පැවැත්වෙන බවයි.

මීට පෙර එම ධුරයේ කටයුතු කළ රංජිත් සියඹලාපිටිය ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා තිබුණා. එම ඉල්ලා අස්වීම තමන් පිළිගන්නා බවයි ජනාධිපතිවරයා කතානායකවරයාට දැනුම් දී ඇත්තේ. ඒ අනුව අද දිනයේ නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීමට නියමිතයි.

මේ අතර නෙත් නිවුස් කළ සොයා බැලීමකදී වාර්තා වුණේ නියෝජ්‍ය කතානායක ධුරය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා කරනු ඇති බවයි. ඊට ආණ්ඩුවේ පාර්ශවය සහය දෙනු ඇති බවටද වාර්තා වනවා. සමගි ජනබලවේගයෙන් නියෝජ්‍ය කතානායක ධුරය සදහා ඉමිතියාස් බාකිර් මාකර් යෝජනා කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේ හෝ හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළා. රට තුළ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරනු ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.