Monday, May 6, 2024

General line - 0115112241

දරුවන් ලෙඩ කරන රෝගයක් ලොව පුරා පැතිර යයි




“හෙපටයිටීස්” රෝගය යළි ලොව පුරා දරුවන් අතර පැතිර යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඔවුන්ගේ දත්තවලට අනුව මේ වන විටත් ලොව පුරා රටවල් 20 කින් හෙපටයිටීස් ආසාදිත දරුවන් වාර්තාවී තිබෙනවා. 

එම දරුවන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 300 ක්. ඉන් සැලකිය යුතු පිරිසක් අග්නිදිග ආසියාවෙන් ද වාර්තා වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මැයි මස පළමු සතියේදී යුරෝපයෙන්, අමෙරිකාවෙන් සහ බටහිර පැසිෆික් කළාපයෙන් ද නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු දරුවන් තුළ හෙපටයිටීස් රෝග තත්ත්වය වැඩි වෙමින් ඇති බවයි මේ වන විට සිදුකර ඇති විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ. කෙසේවෙතත් පවතින තත්ත්වය මත හෙපටයිටීස් රෝගය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යාමේ අවධානමක් පෙන්නුම් නොකරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.