Sunday, April 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදාව යවන්න - ඉන්දීය දේශපාලඥයෙකු ඉල්ලයි




ශ්‍රී ලංකාව තුල ඇතිවී තිබෙන ජනතා විරෝධයත් සමග ඉන්දීය විරෝධී විදේශ බලවේග ප්‍රයෝජන ගනිමින් සිටින බවත් එය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ල කරන බව භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සඳහා ඉන්දීය හමුදාව යැවිය කළ යුතු බවයි සුබ්‍රමනියන් ස්වාමි සිය ට්විටර් සටහනේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.