Sunday, April 28, 2024

General line - 0115112241

නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ඇති බවට යුධ හමුදාපතිගෙන් ප්‍රකාශයක්




රට තුළ පැවති නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. තවදුරටත් සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා නිළධාරීන් යොදවා ඇති බවයි යුධ හමුදාපතිවරයා සදහන් කළේ. 

මේ අතර ඉකුත්දා ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයන් 234 දෙනාගෙන් 86 දෙනෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඉන් පුද්ගලයින් තිදෙනෙකු තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඇති වූ නොසන්සුන්තාවලින් මිය ගිය පුද්ගලයන් ගණන 09ක්.