Tuesday, April 30, 2024

General line - 0115112241

පවතින අර්බුදය ගැන ගොවීන්ට සත්‍ය පවසන්න - කෘෂි විශේෂඥයින් රජයට කියයි




රට තුළ පවතින තත්ත්වය සහ ඉදිරියේදී මුහුණ පෑමට සිදුවන ආහාර අර්බුදය සම්බන්ධයෙන් ගොවි ජනතාවට සත්‍ය කරුණු පැහැදිළි කිරීමට රජය කටයුතු කළ යුතු බව කෘෂි විශේෂඥයින් පවසනවා. පවතින අර්බුදය සම්බන්ධයෙන් රට වැසියන් ද දැනුවත් කිරීමට ද බලධාරීන් වහාම කටයුතු කළ යුතු බවයි රුහුණු විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර නෙත් නිවුස් වෙත සඳහන් කළේ. 

ඉදිරියේදී මුහුණදීමට සිදුවන ආහාර අර්බුදය විසඳා ගැනීමට නම් ජනතාව සිදුකළ යුත්තේ කුමක්ද? ඒ සම්බන්ධයෙන් මහාචාර්ය අරුණ කුමාර මෙලෙස අදහස් පළ කළා. 

මේවනවිට හිස්ව පවතින රජය සතු ඉඩම්වල සහ පාසැල් මට්ටමින් වගා ව්‍යාපෘති ආරම්භ කිරීමට කඩිනමින් කටයුතු කිරීම වැදගත් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.