Tuesday, April 30, 2024

General line - 0115112241

රැකියාවන් සඳහා විදෙස්ගත වන පිරිස දෙගුණයකින් ඉහලට




රැකියාවන් සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය මේවනවිට දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එහි ජාත්‍යන්තර කටයුතු පිළිබද අතිරේක සමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය සඳහන් කළේ ඉකුත් වසරේ විදෙස්ගත වූ සංඛ්‍යාවට සමාන පුද්ගලයින් ගණනක් මෙම වසරේ ගතවූ කාලය තුළදී පමණක් විදෙස්ගතව ඇති බවයි.  

එලෙස විදෙස්ගත වූ ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් පිටව ගොස් ඇත්තේ මැදපෙරදිග රටවලට බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබද අතිරේක සමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය සඳහන් කළේ.