Monday, May 6, 2024

General line - 0115112241

කෘෂිකර්මය නගා සිටුවීම ගැන ජනතාව දැනුවත් කෙරෙන විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ විශේෂ සාකච්ඡාවක් අද




“රට දිනවමු” තේමාව යටතේ විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සංවිධානය කරන වැඩසටහනක් අද ප්‍රචාරය කෙරෙනවා. එහිදී ගොවියන් දිරිමත් කිරීම මෙන්ම ගොවියන්ගේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමත්, පොහොර නොමැතිව  වැඩිවන මිල ගණන් සදහා ගොවීන්ට අනුග්‍රහය දැක්වීමත් සිදුකරන බවයි විද්‍යුත් විකාශකයින්ගේ සංසදය පැවසුවේ.

 එම වැඩසටහන අද පෙරවරු 10 සිට දහවල් 12 දක්වා නෙත් එෆ් එම් රේඩියෝව ඇතුළු සියළු මාධ්‍යවල ප්‍රචාරය කෙරෙනවා. 

මෙම වැඩසටහන සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර ඇතුළු තවත් විද්වතුන් පිරිසක් සහභාගී වනවා.