Monday, May 6, 2024

General line - 0115112241

ආහාර අර්බුදයට මුහුණදෙන්න මෙතෙක් වැඩපිළිවෙලක් හදුන්වා දී නොමැති බවට නිලධාරීන්ගෙන් චෝදනා




ආහාර අර්බුදයකට මුහුණ දීම සඳහා ක්‍රියාත්මක කළ යුතු නිශ්චිත වැඩපිළිවෙලක් පිළිබද සිය නිලධාරීන් මෙතෙක් දැනුවත් කර නොමැති බව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් පවසනවා. ඒ පිළිබද සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ ද ඊට ද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි සමස්ථ ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ සභාපති මොරිස් සේනාරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ. 

වගා කටයුතු සඳහා උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට සිය සාමාජිකයන් සැමවිටම සූදානම් බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා. 

කෙසේවෙතත් ආහාර අර්බුදයට විසදුම් ලබාදිය හැක්කේ පවතින තත්ත්වය මනාව වටහා ගැනීමෙන් පමණක් බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසුවේ.  
ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ඡඍධත්‍ ඵ්ඍ්ඵඊෑ 02*