Monday, May 6, 2024

General line - 0115112241

වගා නොකළ පෞද්ගලික ඉඩම් රජයට ගැනීමට සැලසුම්




මෙතෙක් වගා නොකළ අතහැර දමා ඇති පෞද්ගලික ඉඩම් රජයට පවරා ගනිමින් වගා කරන පුද්ගලයින් සඳහා ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාවක් හෙට දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ. 

මේ අතර තම ප්‍රදේශවල පවතින රජයට අයත් ඉඩම් වගා කටයුතු සඳහා ලබාදීමට හෙට දිනයේ සිට දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසනවා. 

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ඉඩම්, සංවේදී පරිසර පද්ධති, ජල මූලාශ්‍ර ආශ්‍රීත ඉඩම් මෙම වැඩපිළිවෙළ සඳහා භාවිත නොකරන බවයි. ඉඩම් කොමසාරිස්වරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට මෙම බලය පවරනු ලබනවා. ඒ අනුව රජයට අයත් ඉඩම්වල වසරක කාලයක් සඳහා වගා කටයුතු කිරීමට අවසර හිමිවනු ඇති.