Monday, May 6, 2024

General line - 0115112241

කෝටියකට අධික හෙරොයින් සමග සැකකරුවෙකු හා සැකකාරියක් මෝදරදී අත්අඩංගුවට




හෙරොයින් කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 192 ක් සමග සැකකරුවෙකු මෝදර, ශාන්ත අන්තෝනි රෝහල ඉදිරිපිට මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි. 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු සන්තකයේ තිබී සොයා ගැනුණු හෙරොයින්වල වටිනාකම රුපියල් මිලියන 10 කට අධික බව ද පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළා. 

ඊට අමතරව හෙරොයින් ජාවාරමේ නිරතවීම සම්බන්ධයෙන් 24 හැවිරිදි කාන්තාවක් ද පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු හා සැකකාරිය මෙන්ම හෙරොයින් තොගය ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇති බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය වැඩිදුරටත් සඳහන් කළේ.