Monday, May 6, 2024

General line - 0115112241

සැප්තැම්බරයේ IMF සහාය ලැබෙන ඇතැයි අපේක්‍ෂා කරන බව අගමැති කියයි




ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබන සැප්තැම්බර් මාසයේදී ලබාගැනීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ පැවසුවා. එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්‍ෂවරිය සමගද සාකච්ඡාවක් පැවැත්වූ බවයි. 

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල යොමු කළ ප්‍රශ්නයකට ද අග්‍රාමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ අලි සබ්රිද විවාදයට එක් වුණා.

මෙරට පාඩු ලබන ආයතන සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ අලි සබ්රිද එහිදී මෙලස අදහස් පළ කළා.