Sunday, May 5, 2024

General line - 0115112241

ඇමති ප්‍රසන්න සමග එකට වාඩි නොවන දිනය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්




ආණ්ඩු පක්‍ෂයේ  ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අභියාචනාධිකරණයෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙකු ලෙස ඔප්පු වුවහොත් ඔහු සමග එකට හිද නොගන්නා බව අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ, තුෂාර ඉදුනිල් මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්. 

අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ මල්වානේ ඉඩම සම්බන්ධයෙන් අග්‍රමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමුකළේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අග්‍රමාත්‍යවරයා වෙත  ප්‍රථමයෙන්  ප්‍රශ්නයක් යොමු කළා.

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

ඉන් අනතුරුව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් යොමුකළ ප්‍රශ්නයට අග්‍රාමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

එම විවාදයේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද අදහස් පළ කළා.