Sunday, April 28, 2024

General line - 0115112241

යුක්‍රේනයේ ධාන්‍ය රුසියාව හොරෙන් විකුණයි




සිය රට තුළ ඇති ධාන්‍ය වර්ග රුසියාව විසින් අපනයනය කරමින් ඇතැයි යුක්‍රේනය චෝදනා කරනවා. එරට බලධාරීන් පවසන්නේ රුසියාව විසින් සිය ධාන්‍ය ටොන් ලක්ෂ 06 ක් මේ වන විටත් සොරාගෙන ඇති බවයි.
 
කෙසේවෙතත් ධාන්‍ය සොරකම සම්බන්ධයෙන් යුක්‍රේනය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි රුසියාව පවසන්නේ.

මේ අතරතුර අමෙරිකාව ද චෝදනා කර ඇත්තේ රුසියාව විසින් සොරකම් කරන ලද යුක්‍රේන තිරිඟු නියඟයෙන් පීඩා විදින අප්‍රිකානු රටවලට විකිණීමේ සූදානමක් ඇති බවටයි. කෙසේවෙතත් මෙම කිසිදු වාර්තාවක් මේ දක්වා තහවුරු කර නැහැ. 

යුක්‍රේනය යනු ලෝකයේ රටවල් රැසකට ධාන්‍ය අපනයනය කරන රටක්. අප්‍රිකාව මෙන්ම මැද පෙරදිග කලාපයට පමණක් අපනයනය කරන ප්‍රමාණය ටොන් මිලියන ගණනක්.  
 
කෙසේවෙතත් රුසියානු ආක්‍රමණය හේතුවෙන් එම සිය කටයුතු බිද වැටී තිබෙනවා. ඊට හේතුව වී ඇත්තේ රුසියානු නාවික හමුදාව විසින් කළු මුහුදට සම්බන්ධ යුක්‍රේන වරාය අත්පත් කර ගැනීමයි.