Sunday, May 5, 2024

General line - 0115112241

විදුලිබල සංශෝධන පනත වැඩි ජන්ද 84කින් සම්මත වෙයි




ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 84 කින් අද සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 36 ක් පමණයි. මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඡන්දය දීමෙන් වැලකී සිටියා.

කාරකසභා අවස්ථාවේදී මෙම සංශෝධන පනත් කෙටුම්පතේ 04 වන වගන්තිය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටියා. එහිදී එම වගන්තිය සංශෝධනයට විරුද්ධව ඡන්ද 116 ක් ලැබුණු අතර ඊට පක්ෂව හිමිවුණේ ඡන්ද 46 ක් පමණයි. ඒ අනුව එම පනත් කෙටුම්පතේ 04 වන වගන්තිය ද සංශෝධන රහිතව සම්මත වුණා. 

විවාදයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙලෙස අදහස් පළ කළා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විවාදයේදී දැක්වූයේ මෙවන් අදහසක්.

එම විවාදයේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක.

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ අලි සබ්රි විවාදයේදී මෙලෙස අදහස් පළ කළා.