Wednesday, April 17, 2024

General line - 0115112241

දේශපාලඥයින් වරාය අධිකාරිය සිය දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවට චෝදනාවක්




දේශපාලඥයින් වරාය අධිකාරිය සිය දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවට කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාස්කෝරාළ චෝදනා කරනවා. විෂයභාර අමාත්‍යවරුන් වරාය අධිකාරියට සුදුසුකම් නොමැති 1000 කට අධික පිරිසක් එකවර සේවයට බඳවා ගන්නා බවයි ඔහු පැවසුවේ. 

කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාස්කෝරාළ මේ බව සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

කොළඹ නැව් තටාංගනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සරත් ඔබේසේකර ද ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වුණා.