Friday, April 19, 2024

General line - 0115112241

මෙරටින් ඉන්ධන සහ ගෑස් ලබාගැනීමට නොහැකි වී ඇති හේතුව ගැන හෙළිදරව්වක්




මෙරටින් තෙල් සහ ගෑස් ලබාගැනීමට හැකියාව තිබුණද ඒ සදහා කටයුතු කිරීමට නිලධාරීන් නිසි මැදිහත්වීම් නොකරන බව කොළඹ නැව් තටාංගනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සරත් ඔබේසේකර පවසනවා. 

ඊයේ රාත්‍රි ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු සදහන් කළේ අදාළ ආයතනවල ඉහළ තනතුරු සදහා දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් පත් කිරීම හරහා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

අකාර්යක්‍ෂම පුද්ගලයින්ට රැකියා ලබාදීමෙන් වරාය අධිකාරියේ කාර්යක්‍ෂමතාව ද බිද වැටෙන බවයි ඊයේ රාත්‍රි ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක් වූ කොළඹ නැව් ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ පැවසුවේ.