Friday, May 10, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානය පකිස්තානයට ගණන් උස්සයි




ඇෆ්ගනිස්ථානයෙන් ගල් අඟුරු ආනයනය කිරීමට පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් අනුමැතිය ලබා දීමත් සමග  තලේබාන් පාලනය විසින් ගල් අඟුරු මිල සියයට 30 කින් වැඩි කර තිබෙනවා.

ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු මිල ඉහළ යාම හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ මුදල් අමාත්‍යාංශය ගල් අඟුරු ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 90 සිට 200 දක්වා ඉහළ දැමූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා. 

කෙසේවෙතත්, පකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සදහන් කර තිබුණේ  තලේබාන් පාලනය යටතේ ඇති ඇෆ්ගනිස්ථානයෙන් ගල් අඟුරු ආනයනය කිරීමෙන් පාකිස්තානයට ඩොලර් බිලියන දෙකකට වඩා ඉතිරි කර ගත හැකි බවයි.

ඇෆ්ගනිස්ථානයෙන් උසස් තත්ත්වයේ ගල් අඟුරු ආනයනය කිරීමෙන් ලාභ විදුලිය නිපදීමට  පමණක් නොව, දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අත්‍යවශ්‍ය විදේශ මුදල් සංරක්ෂණය කිරීමට ද  හැකි වන බව පාකිස්තානයේ අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කර තිබුණා.

අඩු වියදම් විදුලිය නිපදවීමට ඩොලර් වෙනුවට පාකිස්තාන රුපියල් භාවිතා කර ඇෆ්ගනිස්ථානයෙන් ගුණාත්මක ගල් අඟුරු ආනයනය කිරීමටයි පකිස්තානය බලාපොරොත්තු වුණේ.