Sunday, May 5, 2024

General line - 0115112241

හමුදා ආරක්ෂාව ඉල්ලා දුම්රිය ස්ථාන කිහිපයක ස්ථානාධිපතිවරුන් රාජකාරියෙන් ඉවතට




දුම්රිය නියාමකවරුන් ක්‍රියාත්මක කර ඇති වර්ජනය හේතුවන් අද පෙරවරුවේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන ගාමිණී සෙනෙවිරත්න පැවසුවේ අද උදෑසන කාලයේදී නියමිත දුම්රියන්ගෙන් අඩක් පමණ ධාවනය නොවූ බවයි. 

දුමරිය ධාවනය අවම මට්ටමක පැවතීම හේතුවෙන් මගීන් කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ. 

එහි සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ කොටුව, මරදාන, රාගම, කොල්ලුපිටිය සහ පානදුර යන දුම්රිය ස්ථානවල රාජකාරීවලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවත්වී ඇති බවයි. දුම්රිය ස්ථානවලට යුද හමුදා ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.