Friday, May 10, 2024

General line - 0115112241

වුහාන්හි යළි කොරෝනා




චීන ජනාධිපති ෂී ජින්පින්ග් පසුගිය සතියේ හුබෙයි පලාතේ වුහාන් නගරයට කළ සංචාරයේදී ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය පිළිබඳව අවධාරණය කළද, වෛරසය මුලින්ම මතු වූ වුහාන් හි යළිත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හමුවී ඇති බව වාර්තාවනවා.

මාසයක් තුළ වාර්තා වූ පළමු තහවුරු වූ ආසාදිතයන් ලෙස, වුහාන් හි වරාය සේවකයින් දෙදෙනෙකු  හමුවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මේ අතර චීනය පුරා යළිත් කෝරෝනා ආසාදිතයන් වැඩවීමක් නිරීක්ෂණය කළ හැකි බවත් සාමාන්‍යයෙන් ආසාදිතයන් සියය ඉක්මවා වාර්තා වන බවත් සදහන්. මේ හේතුවෙන් චීනය පුරා මහා පරිමාණ කොරෝනා පරීක්ෂණ වේගවත් කර තිබෙනවා. 

මෑතකදී චීනය විසින් යම් යම් ලිහිල් කිරීම් සිදුකළ ද තවමත් ඔවුන් දැඩි ලෙස කෝවිඩ් ශූන්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරන බව ද එරට වාර්තා වැඩිදුරටත් සදහන් කරනවා.