Saturday, May 4, 2024

General line - 0115112241

ජපාන හිටපු අගමැතිගේ ඝාතන වගකීම පොලිස් ප්‍රධානියා භාර ගනියි




ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ ඇබේ ගේ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් භාර ගන්නා බව ජපානයේ, නාරා හි පොලිස් ප්‍රධානි Tomoaki Onizuka ප්‍රකාශ කර සිටිනවා.

නාරා පළාතේ පොලිස් ප්‍රධානියා සඳහන් කළේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරින් අනුගමනය කළේ තමන් ලබාදුන් ආරක්ෂක සැලසුම බවයි.

හිටපු අග්‍රාමාත්‍යවරයාගේ වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා වීමෙන් පසුව, එය තමන්ගේ වසර 27ක රාජකාරි කාල සීමාවේදී තමන්ට දැනුණු වරදකාරිත්වය සහ පසුතැවීමේ උච්චතම අවස්ථාව බවයි ඔහු හැඟුම්බරව මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියේ.