Monday, May 6, 2024

General line - 0115112241

අද සිට යළිත් ඉන්ධන බෙදාහරින බව IOCය කියයි




කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල මෙන්ම තවත් නගර රැසකම පිහිටි පිරවුම්හල් අසල මේවනවිටත් දිගු ඉන්ධන පෝළිම් පවතිනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ ඊයේ දිනයේදී පිරවුම්හල්වලින් ඉන්ධන බෙදාහැරීමක් සිදුනොකළත් බොහෝ පිරිස් පෝළිම්වල රැඳී සිටි බවයි. 

ඇතැම් පිරිස් දින කිහිපයක සිට පෝළිම්වල රැඳී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළේ.  

මෙවන් පසුබිමක් තුළ ලංකා IOC සමාගම අද ප්‍රකාශ කළේ සිය පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අද යළි ආරම්භ කල බවයි. ඒ අනුව  ත්‍රීකුණාමලය පර්යන්තයේ මෙහෙයුම් පැය 24 පුරා ක්‍රියාත්මක බවයි IOC සමාගම සඳහන් කළේ. 

ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බවට IOC සමාගම ප්‍රකාශ කිරීමත් සමග පිරවුම්හල් අසල පැවැති පෝළිම් අද දහවල් වනවිට තවදුරටත් දිගු වී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ ඇතැම් ඉන්ධන පෝළිම් කිලෝ මීටර් කිහිපයක් පුරා විසිරී ඇති බවයි. 

ඊයේ සහ අද දිනයේදී සිය පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවන බව ලංකා IOC සමාගම ඉකුත් සිකුරාදා ප්‍රකාශ කළා. කෙසේවෙතත් අද දිනයේදී සිය පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීමටයි ලංකා IOC සමාගම තීරණය කර ඇත්තේ. පවතින ඉන්ධන හිගය හමුවේ මේවනවිට ප්‍රවාහන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.