Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දියාව නිල වශයෙන් යුරියා පොහොර තොගය මෙරටට භාර දෙයි




ඉන්දියාවෙන් මෙරටට ලැබුණු යූරියා පොහොර තොගය දින 10 ක් ඇතුළත ගොවීන් වෙත බෙදාහරින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර නෙත් නිවුස් වෙත පැවසුවේ එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය ලොරි රථ මේ වනවිටත් සූදානම් කර ඇති බවයි.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට හිමි වන සමස්ත යූරියා පොහොර තොගය මෙට්ට්‍රික් ටොන් 64,000 ක්. ඉන් මෙට්ට්‍රික් ටොන් 43,000 ක් රැගත් පළමු නෞකාව දිවයිනට ඊයේ ළගාවුණා. එම පොහොර තොගයෙන් මෙට්ට්‍රික් ටොන් 20,000 ක් පමණ වී වගාව සදහා ලබාදෙන බවයි කෘෂිකර්ම ලේකම්වරයා පැවසුවේ.

මේ අතර කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද අරමවීර තීරණය කර තිබෙනවා. ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ යූරියා පොහොර තොගය නිල වශයෙන් භාරගැනීමෙන් අනතුරුව තමන් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ. 

අද පෙරවරු 10 ට පමණ කොළඹ වරායේදී මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේගෙන් එම පොහොර තොගය නිල වශයෙන් අමාත්‍යවරයා වෙත භාරදී තිබුණා.