Sunday, May 5, 2024

General line - 0115112241

විකල්ප අග්‍රාමාත්‍යවරයා සජිත් බව සජබය කියයි




ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එම ධූරවලින් ඉවත් වූ විට විකල්ප අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්වන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව එය සිදුවන බවයි.

කෙසේවෙතත් කුමන පාර්ශවයක් ආණ්ඩුව පිහිටුව ද ඔවුන්ට අරගලයේ අපේක්‍ෂාවන් සමග සම්මුතියකට එළඹීමට සිදුවන බවයි අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සඳහන් කළේ. 

අරගලයේ ජයග්‍රහණය ස්ථිර ජයග්‍රහණයක් බවට පත් කළයුතු ආකාරය පිළිබද මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද මෙලෙස අදහස් පළ කළා.

මේ අතර රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට දිනයේදී විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 02 ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතයි.