Saturday, May 4, 2024

General line - 0115112241

මිල වැඩි කර කොළඹට ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම ඇරඹේ




අනවශ්‍ය තොග එක් රැස් කිරීම වැලැක්වීම සඳහා ගෑස් මිලදී ගන්නා අවස්ථාවේදී මැයි මාසයට අදාල විදුලි බිල්පත ඉදිරිපත් කරන ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. 

අද සහ හෙට දිනයන්හි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ගෑස් බෙදා හැරීම සිදු කරන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ. 13 වනදා සිට අනෙකුත් ප්‍රදේශවලටද ගෑස් බෙදා හැරීම ආරම්භ කරන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ.

මේ අතර කිලෝ ග්‍රෑම් 12යි දශම 05 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 50කින් ඉහල දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව එම වර්ගයේ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4910 දක්වා ඉහල යනු ඇති. ඒ සම්බන්ධයෙන්ද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා අදහස් දැක්වූවා.