Saturday, May 4, 2024

General line - 0115112241

ජනපති ඉල්ලා අස්වීමට පෙර අගමැති ඉවත් නොකලොත් අර්බුදයක් - නීතිවේදියෙක් කියයි




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත් වන්නේ නම් ඊට පෙර අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බව ජනාධපති නීතීඥ යූ ආර් ද සිල්වා පවසනවා. 

ජනාධිපතිවරයා ඉල්ලා අස්වන අවස්ථාව වන විට අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත්ව නොසිටියහොත් ඔහු වැඩබලන ජනාධිපතිවරයා ලෙස ව්‍යවස්ථානුකූලව පත්වන බවයි ඔහු පෙන්වා දුන්නේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට පෙර අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් නොකළහොත් පවතින අර්බුද තවත් ව්‍යාකූල තත්ත්වයකට පත්වනු ඇති බවද ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා නෙත් නිවුස් වෙත කියා සිටියා.