Saturday, May 4, 2024

General line - 0115112241

මහරගමදී අරගලයට සහය දැක්වූ පොලිස් සැරයන් අත්අඩංගුවට




මහරගම නගරයේ දී අරගලයට සහාය දැක් වූ පොලිස් සැරයන්වරයා පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද අළුයම තියුණු ආයුධයක් රැගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට තැත් කිරීමේදීයි.  

එළෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට පොලිස් ගරාජයේ සේවයේ නියුතු සැරයන්වරයෙක්. සැකකාර පොලිස් සැරයන්වරයා සන්තකයේ තිබී අඟල් 10ක් පමණ දිගැති  මන්නයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී ඉකුත්දා ඇති වූ සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මේ බව සදහන් කළා.