Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දියාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 600 ට ලංවෙයි




ජූනි මස අවසන් සතිය වනවිට ඉන්දියාවේ විදේශ සංචිතය අමරිකානු ඩොලර් බිලියන 593.323 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවනවා.

එය විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 529.216 ක් සහ රන් සංචිත ඩොලර් බිලියන 40.926 කින් සමන්විත වන බවයි ඉන්දීය මහ බැංකුව සදහන් කළේ.
 
මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ඉන්දීය මහ බැංකුව විසින් ඉන්දීය රුපියල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 41 ක සංචිත වැය කරනු ලැබුවා. 
 
එමෙන්ම සති තුනකට පෙර ද සංචිත ඩොලර් බිලින 10.785 ක් ඒ සදහා වැය කරනු ලැබූ බව සදහන්.

පසුගිය බ්‍රහස්පතින්දා වනවිට රුපියලට සාපේක්ෂව ඩොලරය ඉන්දීය රුපියල් 78.97 ක් වූ අතර සිකුරාදා අවසන් වනවිට එය රු.පියල් 79.045 ක් ලෙස සටහන් වුණා.

ඊට හේතුවී තිබුණේ විදේශීය ආයෝජකයන් ඉන්දීය වෙළෙඳ පොළෙන් ඉවත්වීම බව ජ්‍යෙෂ්ඨ පර්යේෂකයකු හා සංඛ්‍යාදත්ත සකසන්නකු වන ශ්‍රීරාම් අයියර් සදහන් කළා.

මෙම තත්ත්වයන් හමුවේ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 565 දක්වා පහත වැටීමට ඉඩකඩක් පවතින බවද පැවසෙනවා.
 
කෙසේවෙතත්,  ඉන්දීය මහ බැංකුවේ සංචිත ආරක්ෂිත වනු ඇති බවත් ඒ වෙනුවෙන් දැඩි මැදිහත්වීමක් හා වේගවත් ලෙස රුපියල ඇගයීමට ලක්කිරීමක් සිදුවිය යුතු බවත් ශ්‍රීරාම් අයියර් ගේ මතයයි.