Wednesday, May 8, 2024

General line - 0115112241

ජනපති සිංගප්පූරුවට ගිය පසු ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට




ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවට ලගාවීමෙන් පසුව ලබා දෙන බවට ප්‍රකාශ කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. 

අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳ පක්ෂ නායකයන් වෙත කතානායකවරයා විසින් දැනුම් දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පැවසුවේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම සිය බිරිද සහ තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟ මාලදිවයින බලා පිටත්ව ගියා. ඒ, ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින්. කෙසේ වෙතත් ජනාධිපතිවරයාට එරෙහිව මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද විරෝධතාවයක නිරත වුණා.